තම දරුවාට මනා අධ්‍යාපනයක් ලබා දිය යුතු බව සෑම දෙමව්පියෙක්ම පාහේ සිතති. එහෙත් හොඳ අධ්‍යාපනයක් ලබා දීමට නම් දරුවා
කුඩා වයසේ සිට කියැවීමට හුරු කළ යුතු බව බොහෝ දෙමව්පියන් දන්නා බවක් නොපෙනේ. දරුවා
ඉදිරි අධයාපන ක්‍රියාවලියට හුරු කිරීමට අමතරව එලෙස එක් කියැවීමේ ධනාත්මක බලපෑම අති
මහත්ය. එබැවින් දරුවාට පොත පත ලබා දී ඔහු කියවන තුරු බලා නොසිට ඔහු කියැවීම කෙරෙහි
ක්‍රියාකාරීව යොමු කිරීමට උත්සාහ ගැනීම කළ යුත්තකි. එහිදී ප්‍රධාන වශයෙන් මුල් ළමා
වියේදී මව හෝ වෙනත් වැඩිහිටියන් දරුවා සමග කියැවීම වැදගත්ය. එලෙස දරුවා සමග පොත පත
කියැවීම, එසේත් නැත්නම් පොත බලා ඔහුට/ඇයට කතාන්දර කියා දීම කරුණු කිහිපයක් නිසා
දරුවාගේ මානසික සහ පුද්ගල සංවර්ධනයට හේතු වේ.
ඥාණන ක්‍රියාවලිය
ඥාණනය යනු සරලවම බුද්ධිය මෙහෙයවීම යන්නයි. කතාන්දර
අසා සිටින දරුවා එහි පියවරින් පියවර වන සිදුවීම්වල විකාසනය හඳුනාගැනීමේ හැකියාව ලබා ගනී.
එමෙන්ම චරිත අතර සබඳතාවන් සහ පින්තූර මගින් කතාව ගොඩනගාගැනීමේ හැකියාවද ඒ ඔස්සේ
ඔහුට ලැබේ. කතාව කියා දීමට පෙර පින්තූර දෙස බලා සිදුවන දේ අනුමාන කිරීමට දරුවාට
අවස්ථාව ලබා දීමද හොඳ බුද්ධිවර්ධන අභ්‍යාසයකි. එමෙන්ම කතාන්දරය සම්පූර්ණයෙන්ම රස
විඳීමට නම් දරුවා එහි මුල් සිද්ධීන් ගැන මකත තබා ගත යුතු අතර එය මතකය පිළිබඳ
පුහුණුවකි. ඊට අමතරව කතාව අවසානයේදී එම කතාව නැවත තමා වෙනුවෙන් මතකයෙන් කියන්නැයි
වැඩිහිටියා විසින් ඉල්ලා සිටීම මතක වර්ධනයට සුදුසු අභ්‍යාසයක් වේ. කතාව ඇසුරින්
සරල ප්‍රශ්න ඇසීමද දරුවාට ලබා දිය හැකි ඥාණනය හා සබැඳි ක්‍රියාකාරකමකි.
එසේම කියැවීම යනු යම් කාලයක් එක තැනක හිඳ එක්
අරමුණකට සිත යොදවමින් කෙරෙන ක්‍රියාවලියකි. එබැවින් එය දරුවාගේ අවධානය යොමු කිරීමේ
හැකියාව ද වර්ධනය කරයි.
ලේඛන ක්‍රියාවලිය පිළිබඳ මූලික හුරුව ලබා ගැනීම

මව සහ දරුවා අතර සම්බන්ධතාවය
දරුවා ඇකය මත හෝ ළඟින් තබාගෙන පොත කියවන විට
ඔහු/ඇය සමග වැඩිහිටියාට ඇති සබඳතාව දියුණු වේ. කැවීම, සේදීම, නිදි කරවීම වැනි
ඉපදුණු දා සිට දරුවා සමග යෙදෙන ක්‍රියාකාරකම්වලට බැහැරින් ලැබෙන කියැවීමේ අත්දැකීම
දරුවාට අලුත් එකක් වෙයි. එමෙන්ම කියවන පොත්වල රසවත් කරුණු දෙදෙනාම එකතුවී රසවිඳින
බව පෙන්වීම දෙදෙනාටම මිහිරි මතකයක් එකතු කරයි. යම් පොතක් කියැවීමෙන් පසු එහි
ඇතුළත් සිද්ධි සහ චරිත ආදිය වෙනත් අවස්ථාවල මතක් කිරීම මේ වින්දනයේම එක කොටසක්
වෙයි. එමෙන්ම කතාවට අදාළ හැගීම් මුහුණින් පෙන්වීම, දරුවාට ඒවා හඳුනාගැනීමට උදව්
කිරීමද මව සහ දරුවා අතර අන්තර්බන්ධනය දියුණු වීමට ඉවහල් වේ. එමෙන්ම නින්ද යන තුරු
කතා කීම හෝ පොත් කියැවීම මේ බන්ධනය වඩාත් දැඩි කරයි. එක් අතකින් එය මව යම් මොහොතකට
වෙන් වන බව දැනෙන (මව දරුවා සමගම නින්දට නොයන බැවින්) අවස්ථාවක් වන අතර එහිදී මව
ඔහු/ඇය එක්වරම නින්දට නොයවා ඔහු සමග රැඳෙමින් කතාවක් කීම ඔහුගේ මානසික සුරක්ෂාව
පිළිබඳ හැගීම දියුණු කරයි. එමෙන්ම එය තමා වෙනුවෙන්ම කාලයක් වෙන් කළ බව ඔහුට
හැඟවීමට සමත් වෙයි.
සහභාගීත්වය සහ ආදර්ශය
දරුවන් බොහෝ දේ ඉගෙන ගන්නේ අනුකරණයෙනි. මවත්
කියවීම මව විසින් සුද කරන විට දරුවාද එය කියැවීමට උත්සාහ ගනී. මව ශබ්ද උච්ඡාරණය
කරන අයුරු සහ කතාව රස විඳින අයුරු දරුවාට
නිරීක්ෂණය වන අතර කියැවීම ක්‍රියාකාරකමක් ලෙස අනුකරණය කිරීමට එයින් පෙළඹවීමක්
ඇතිවේ.
මේ අයුරින් දරුවා සමග කියැවීම ළමා මනසට කරන යහපත්
බලපෑම් රැසක් වේ. එමෙන්ම දරුවා සමග කියැවීම
මවට හෝ වැඩිහිටියාට ප්‍රීතිජනක අත්දැකීමක් බව පෙන්වීම ඔස්සේ කියැවීම මගින්
රසවින්දනය ලබා ගැනීමට දරුවා හුරු කළ හැකිය. විශේෂයෙන්ම දරුවාගේ අධ්‍යාපනයේ
මූලික පියවර වන්නේද මේ කියැවීමේ හුරුවයි.
No comments:
Post a Comment