ළමා සාහිත්‍ය මූලිකාංග 01.
සදාචාර සංකල්ප
සදාචාර සංකල්ප
ළමා සාහිත්‍යයේ එකම අරමුණ ළමයින්ට හොඳ නරක ඉගැන්විම නොවන බව මේ වන විට සාකච්ඡාවට ගැනෙන අදහසක් වී තිබේ. එහෙත් හුදෙක් පණිවිඩයක් අන්තර්ගත කිරීම කෙරෙහි පමණක් අවධානය යොමු කිරීම ප්‍රමාණවත් නොවන බව පෙන්වා දීම මිස සදාචාර සංකල්ප සන්නිවේදනය ළමා කෘතිවලින් ඉවත් විය යුතු බවක් ඉන් අදහස් නොකෙරේ. එබැවින් අද පවා ලියැවෙන බහුතරයක් ළමා කෘතිවල සදාචාරමය පණිවිඩයක් අන්තර්ගතව තිබේ.
(හත්පෙති මල කෘතියේ අවසානය)
ළමා සාහිත්‍යය වැඩුණු අනන්‍යතා සහිත විශේෂ සාහිතයාංගයක් ලෙස වර්ධනය වෙන්නට පෙරාතුව ළමා සාහිත්‍යෙය් තැන ගත්තේ කතාන්දරයි. වැඩිහිටියන් විසින් ළමුන්ට වාචිකව කියාදෙන මේ කතාන්දර ජනශ්‍රැති, ඓතිහාසික වීරයන් පිළිබඳ කතාන්දර, දේවපුරාණ හෝ ආගමික සාහිත්‍යෙයන් ගත් කොටස්වලින් සකසාගත් ඒවා විය. කෙසේ වුවද මේ සෑම කතාන්දරයක්ම පාහේ හොඳ නරක පිළිබඳව සංකල්පවලින් යුක්තව නිර්මාණය වූ ඒවා බව පෙනේ. මේවා තුළින් පවා සදාචාරය පිළිබඳ හැගීමක් දරුවන්ට දීමට උත්සාහ ගෙන ඇති බව නිරීක්ෂණය කළ හැකිය. මේ කතාන්දරවල ඇති පොදු ලක්ෂණය නම් හැම විටම නරක අභිබවා හොඳ ජයග්‍රහණය කරන බව පෙන්වීමයි. එමෙන්ම අහිංසක සහ අවරවරප්‍රසාධිත පුද්ගලයන් හෝ කණ්ඩාම් අධිමානුෂීය බලයක් හෝ උපක්‍රමශීලී බුද්ධිය මෙහෙයවීමෙන් ජය ගන්නා ආකාරය මේ කතාන්දරවල අන්තර්ගතය. ඒ අනුව හොඳ නරක දේ අතුරින් හොඳ ජයග්‍රහණය කළ යුතුය යන සංකල්පය මේ කතාන්දර ඇරසුරින් ළමයින් වෙත සම්ප්‍රේෂණය විණි. නූතනයේදී අපි ළමා කතාවල හොඳ නරක පිළිබඳ සරල බෙදීම ඒ අයුරින්ම අඩංගු කිරීමට උත්සා නොගත්තද අපගේ තෝරාගැනීම විය යුත්තේ හොඳ දේ ය යන්න පිළිබඳව හැඟීමක් ඇති කිරීම නූතන ළමා කතා තුළින්ද අපි බලාපොරොත්තු වෙමු.
එමෙන්ම ළමයෙකු තුළ වර්ධනය විය යුතු කරුණාව, සහකම්පනය, ආචාරශීලීත්වය වැනි සංකල්ප වඩාත් උපක්‍රමශීලීව ළමයාට හඳුන්වා දීම සදහා නූතන ළමා කතා තුළින් උත්සාහ ගැනේ. එමෙන්ම වඩාත් නූතන මානුශීය සංකල්ප වන අනෙකා පිළිබඳ සමානාත්මතාව, වාර්ගිකත්වය ප්‍රතික්ෂේප කිරීම, වැනි වඩාත් ප්‍රබල ලෙස කියාදීම සඳහා ළමා කතා යොදා ගැනීම වර්තමාන ළමා සාහිත්‍යෙය් නැඹුරුවකි. මෙවන් කරුණු ඍජුවේ ඉගැන්වීමට වඩා ඒවා රසවත් අත්දැකීමත් ලෙස සාහිත්‍යය ඔස්සේ ළමයා වෙත ලබා දෙන්නට හැකි බව පොදුවේ පිළිගත් කරුණකි. ළමා සාහිත්‍යකරුවා මුහුණ දෙන මූලික අභියෝගයක් වන්නේද රසවත් බව ඌන නොකරමින් එකී පණිවිඩය අන්තර්ගත කිරීමය.
හත්පෙති මල ප්‍රකට ළමා කතාන්දරයකි. එහි අවසානයේ ප්‍රබල සදාචාරාත්මක පණිවිඩයක් ගැබ්ව තිබේ. එහෙත් ඉන් පෙර කුතුහලය හා විස්මය රැගත් අපූරු කතාන්දරයක් දිගහැරෙයි. සදාචාරාත්මක පණිවිඩය කතාවට ලබා දී ඇති තාර්කික අවසානයක් මිස අවවාද දීමක් ලෙස හැගී නොයයි.
හත්පෙති මල ප්‍රකට ළමා කතාන්දරයකි. එහි අවසානයේ ප්‍රබල සදාචාරාත්මක පණිවිඩයක් ගැබ්ව තිබේ. එහෙත් ඉන් පෙර කුතුහලය හා විස්මය රැගත් අපූරු කතාන්දරයක් දිගහැරෙයි. සදාචාරාත්මක පණිවිඩය කතාවට ලබා දී ඇති තාර්කික අවසානයක් මිස අවවාද දීමක් ලෙස හැගී නොයයි.
සුභ පැතුම්. හැබැයි ළමා සාහිත්‍යෙය් පමණක් සිර නොවී නිදහස් අවකාශයක් හදා ගත්තා නං හොදයි. මොකද ළමා සාහිත්‍යය කියල වෙනම කැටගරියක් යටතේ ලියන්න පුලුවන් නිසා මේ බ්ලොග් එකේම අනිත් තමන්ට හිතෙන ඕන එකක් ලියන්න පුලුවන්. කාගේ හරි බ්ලොග් එකක් පොඩ්ඩක් නිරික්ෂණ්‍ය කරා නං මේක තේරුම් ගන්න පුලුවන්. ජය වේවා. බ්ලොග් ලෝකෙට සාදරරෙන් පිළිගන්නවා
ReplyDelete