තමා
සඳ මත තැබූ මිනිස් පියවර සටහන මිනිස් වර්ගයේ යෝධ පියවරක් බව නීල් ආම්ස්ට්‍රොන්
පවසා සිටියා. සඳ ගමන ගැන වැඩිහිටියන් මෙන්ම දරුවන්ද දැනගත යුත්තේ අපේක්ෂා සහගත
මිනිසුන් සිය ඉලක්ක ජය ගැනීම පිළිබඳව පාඩමක් එහි අන්තර්ගත වන නිසයි.
පෘථිවිවාසී
මානව වර්ගයා ලෙසින් 2019 වසරේදී අපි සඳ ගමනේ 50 වැනි සංවත්සරය සමරනවා. ඒ වෙනුවෙන්
ලොව පුරා විවිධ සැමරුම් සංවිධානය වෙද්දී සඳ ගමන හා සබැඳිව නිර්මාණය වුණු ළමා පොත්
රැසක්ද මෙම වසරේ එළි දැක්වී තිබෙනවා. ඉන් සමහරක් නවතම කෘති වන අතර ඇතැම් ඒවා මෙම
වසරේදී නැවත මුද්‍රණය වූ ඒවා. මේවායින් ඇතැම් කෘති නිර්ප්‍රබන්ධ ලෙසත් ඇතැම් කෘති
ප්‍රබන්ධ කෘති ලෙසත් ඉදිරිපත් කොට තිබෙනවා. සඳ ගමන සිදු වූ ආකාරය පිළිබඳව තොරතුරු
මෙන්ම සඳගමනට සම්බන්ධ විවිධ පසුබිම් සංසිද්ධිද පදනම් කරගනිමින් නිර්මාණය වී ඇති
මෙම ළමා පොත් පුළුල් පරාසයක පැතිරී පවතිනවා.
Go FOR THE
MOON, A Rocket, a Boy, and the First Moon Landing මේ අතර සුවිශේෂී කෘතියක්. සඳ ගමන සිදු වූ ආකාරය
එහි තාක්ෂණික පසුබිම සමගින් සවිස්තරව දැක්වීම අරමුණු කරගත් මෙහි ඒ සඳහා අපූරු ආඛ්‍යාන
උපක්‍රමයක් යොදාගෙන තිබෙනවා.
ඒ අනුව සැබෑ ලෙස සඳ ගමන සිදු වූ දිනයෙහි කුඩා දරුවෙකු
එය දුටු ආකාරය මෙහි ඉදිරිපත් වෙනවා. අභ්‍යවකාශගාමීන් සඳ වෙත යන ගමන ඇරඹූ දින සිට
ඇපලෝ 11 යානය සඳ මතට ගොඩබසින තුරු පෘථිවියේ සිට එයට මනසින් සම්බන්ධව සිටින කුඩා පිරිමි
ළමයෙක්ගේ චරිතය ඇසුරින් මෙම කෘතිය ගලා යනවා. ඔහු සිය නිවසේ ඔහුගේ කාමරයේ ඇපලෝ 11
යානයේ ආකෘතියක්ද තනාගෙන තිබෙනවා. ඔහුද මනෝමයෙන් සඳ ගමනේ යෙදෙන අතර සඳ ගමනට අදාල
තාක්ෂණික දැනුම මෙන්ම කරුණුමය තොරතුරුද පියවරින් පියවර මෙහි විස්තර වෙනවා.
අවසානයේ
සඳමත ගොඩ බැසීමේ පුවත විකාශය වන ආකාරය නැරඹීමට සියළු නිවැසියන් රූපවාහිනය වටා එක්
වීමත් සමග කෘතියේ පරිසමාප්තිය එළඹෙනවා. මෙහි කතාව ඉදිරිපත් කරන්නා ලෙසින් යොදාගෙන
ඇති කුඩා දරුවාගේ චරිතය නිර්මාණය කර ඇත්තේ කෘතියේ රචකයා මෙන්ම චිත්‍ර ශිල්පියාද වන
ක්‍රිස් ගේල්ගේ ළමා වියේ ඔහු විඳි සැබෑ අත්දැකීම් ඇසුරින්.
සඳ
ගමනේ සංවත්සරය සමරමින් නිර්මාණය කර ඇති A Computer Called Katherine: How
Katherine Johnson Helped Put America on the Moon කෘතිය වඩාත් සුවිශේෂී
වන්නේ එය චරිතාපදානයක් වන බැවින්. එයින් කැතරින් ජොන්සන් ගණිතඥවරියගේ ජීවන තොරතුරු
ඉදිරිපත් වන අතර ඇය නාසා ආයතනයේ පර්යේෂණවලට දායක වෙමින් ඉදිරිපක් කරන ලද ගණිතකර්ම සඳගමන
සඳහා ඉමහත් පිටිවහලක් වුණා. විශේෂයෙන්ම ඇය විසින් ඉදිරිපත් කරන ලද පෘථිවි කක්ෂයේ
දුර පිළිබඳ ගණනය කිරීම් සඳ ගමනට පදනම් වූ මූලික දැනුමක් වුණා. ඇයගේ තවත් සුවිශේෂීත්වයක්
වූයේ ඇය අප්‍රිකානු ඇමරිකානු ජාතිකයෙක් වීමයි.
කළු ජාතිකයන් සඳහා තිබූ අපමණ සීමා
මායිම් නොතකමින් මානව ඉතිහාසයේ සුවිශේෂී ජයග්‍රහණයකට තීරණාත්මකව දායක වීමට ඇය සමත්
වූවා. කළු ජාතිකයන්ට ඇතැම් දේ කළ නොහැකිය යන මතය මෙන්ම කාන්තාවන්ගේ උරුමය වන්නේ
හෙදියක් හෝ ගුරුවරියක් වීම පමණයක්ය යන මතයද සාවද්‍ය බව ඇය ඔප්පු කොට පෙන්වූවා.
සඳ ගමනේ සංවත්සරයත්
සමග ඇයගේ විශ්ෂ්ටත්වයද මේ ළමා කෘතිය සමගින් ඉස්මතු කර දක්වනවා.
කෘතියේ චිත්‍ර
ශිල්පිණිය වෙරෝනිකා මිලර් ජැමිසන් සමග කළ සංවාදයක්.
Moon's First
Friends: One Giant Leap for Friendship සුවිශේෂී වන්නේ එය සඳ ගමනේ තාක්ෂණික පාර්ශ්වයට මදක් අමතක කරමින්
වඩා හැඟුම්බර ස්වභාවයක් එයට එකතු කරන්නට උත්සාග ගෙන ඇති නිසයි. ඒ අනුව මෙහි සඳ
ඉදිරිපත් කර ඇත්තේ මිනිස් ලෝකය දෙස දයාබරව විමසිල්ලෙන් බලා සිටි සචේතනික මිතුරු
වස්තුවක් ලෙසයි. පෘථිවිය බිහිවූ වසර බිලියන 4.5 කාලයක් තිස්සේ සඳ හුදකලාවේ එදෙස
බලා සිටිනවා. ඩයිනෝසොාරයන් බිහිවී මිහිතලය මත සැරිසරා වඳ වී යන සැටිත්, ඊජිප්තුවේ
පිරමීඩ ඉදිවන අයුරුත්, මිනිසා ගුවන් යානා තාක්ෂණය ඇසුරින් පියාසර කරන අයුරුත් සඳට
පෙනෙනවා. කිසියම් දිනක පෘථිවියෙන් මිතුරෙක් තමා බැහැ දැකීමට එනු ඇතැයි යන දයාබර
බලාපෙරොත්තවත් සඳට තිබෙනවා. සඳ බොහෝ කාලයක් තිස්සේ බලා සිටි අවස්ථාව උදා වන්නේ
1969 දී නීල් ආම්ස්ට්‍රොන් සඳ මත පා තැබීමත් සමගයි.
දරුවන්ට උචිත වූ වඩාත් හැඟීම්බර
ස්වභාවයක් ඉස්මතු කරමින් ප්‍රතිනිර්මාණය කරමින් සඳ ගමනේ කතාන්දරය ඉදිරිපත්කරන මෙම
කෘතියේ සිතුවම්වල සඳ ඉතා සෞම්‍ය හා හුරු බුහුටි ආකාරයෙන් චිත්‍රණය කර තිබෙනවා.
සඳ
ගමන පිළිබඳව මේ අයුරින් දරුවන් දැනත යුතු බොහෝ කරුණ සම්පිණ්ඩනය කරමින් ලියැවුණු
කෘති විශාල ප්‍රමාණයක් සඳ ගමනේ ස්වර්ණ ජයන්තිය සමග එළිදැක තිබෙනවා. එය ළමා සාහිත්‍ය
කෘති මගින් කළ හැකි හා කළ යුතු බොහෝ දේ පිළිබඳව අපට ඉඟියක් සපයනවා.